Monday, April 29, 2024

General line - 0115112241

ජී 20ත් සමඟ ඉන්දියාවේ නමත් වෙනස් වෙයි




ඉන්දියාවේ නම වෙනස් කිරීමක් ගැන මේ දිනවල ලෝකය පුරා කතා වනවා.

 ඒ පිළිබඳ නිල වාර්තාවක් මෙතෙක් පල වී නැහැ. කෙසේවෙතත් එම වාර්තා සනාථ කරමින් ඉන්දියාව මේවනවිට ජාත්‍යන්තරය හමුවේ ”ඉන්දියාව” වෙනුවට ”භාරත්” ලෙස පෙනී සිටිනවා.

මෙවර ඨ20 සමුළුව ඉන්දියාවේ සභාපතිත්වයෙන් නවදිල්ලියේ දි පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. 

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසුන් ගෙන සිටි ස්ථානයේ තබා තිබූ නාම පුවරුව සටහන් කර තිබුණේ ”ඉන්දියාව” ලෙස නොව ”භාරත්” ලෙසයි.

 එමෙන්ම, ඨ20 සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ භාරතව ඔබව සාදරයෙන් පිළිගන්නා බවයි.
 

මේ සම්බන්ධයෙන් මේවනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වෙමින් තිබෙනවා.