Monday, April 29, 2024

General line - 0115112241

ලෝක බලවතුන් අතර ආර්ථික කොරිඩෝවක්




 

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ලෝක බලවතුන් කිහිපදෙනෙකු එක්ව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කර තිබෙනවා.

එම බලවතුන් වන්නේ අමෙරිකාව, ඉන්දියාව, සෞදි අරාබිය සහ යුරෝපා සංගමයයි.

මෙම ආර්ථික කොරිඩෝවට අනුව ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, සෞදි අරාබිය සහ යුරෝපා සංගමය අතර මහා පරිමාණ නාවික සහ දුම්රිය සම්බන්ධතා කොරිඩෝවක් දියත් කෙරෙනු ඇති.

ඒ සඳහා වන ඓතිහාසික ගිවිසුම සඳහා අත්සන් තැබීමේ කටයුතුද ඉන්දියාවේ දී අවසන් කර තිබෙනවා.

ඒ අනුව මෙම ආර්ථික කොරිඩෝව හැඳින්වෙන්නේ නව ඉන්දියා මැද පෙරදිග යුරෝපා ආර්ථික කොරිඩෝව ලෙසයි.

G20 සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙම නව ව්‍යාපෘතිය නිවේදනය කර තිබුණා.

එම අවස්ථාවට අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන්, සෞදි අරාබියේ අග්‍රාමාත්‍ය මොහමඩ් බින් සල්මාන් සහ යුරෝපා සංගමයේ නායකයින් ද පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙය එම රටවල් අතර යටිතල පහසුකම් පිළිබඳ සහයෝගීතාවය සඳහා ඓතිහාසික මුල පිරීමක්.