Monday, April 29, 2024

General line - 0115112241

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පර්යේෂකයෙකු අත්අඩංගුවට




චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පර්යේෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම ඔත්තුකරු බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකු සමඟ සබඳතා පවතින බවයි වාර්තා වී ඇත්තේ.

එම දේශපාලන ප්‍රභලයින් අතර  බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍ය ටොම් ටුගෙන්දාට් සහ විදේශ කටයුතු කමිටු සභාපති ඇලිසියා කර්න්ස් ද වනවා. 

එමෙන්ම ඔත්තුකරු සමග සබඳතා පැවැත්වූ තවත් ප්‍රභලයින් කිහිපදෙනෙකු පිලිබඳ අනාවරණ වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අදාළ ඔත්තුකරු ලන්ඩන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට සහය පළ කළ තවත් අයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 බ්‍රිතාන්‍යයේ නිල රහස් පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනුණු බවයි  බ්‍රිතාන්‍යය බලධාරීන් සඳහන් කළේ. 

අත්අඩංගුවට ගැනුනු ඔත්තුකරු සහ අනෙක් සැකකරු 30 හැවිරිදි වියේ සහ 20 හැවිරිදි වියේ පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ද දැඩි අවධානය යොමු කර තිබෙනවා.

ඉන්දියාවේ පැවැත්වෙන G 20 සමුළුවට සමගාමීව ඔහු චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන් ද හමුවූ අතර එහිදී මෙම ඔත්තු බැලීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබුණා.

එහිදී බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට චීනය සිදු කරන මැදිහත් වීම පිළිබඳ දැඩි කනස්සල්ල පල කරන බවයි.