Sunday, May 5, 2024

General line - 0115112241

යුක්රේන ජනපති ලබන සතියේ අමෙරිකාවට




යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ලබන සතියේ අමෙරිකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයට පැමිණෙනු ඇති බවත් එහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවනු ඇති බවත් ධවල මන්දිරය ප්‍රකාශ කළා.

එම හමුවට සමගාමීව නායකයින් දෙපළ අතර යුක්රේන යුද්ධය හා ඒ සඳහා යුක්රේනය වෙත අමරිකාව ලබාදෙන සහයෝගය පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන් පැවසුවේ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව යුක්රේන ජනාධිපතිවරයා අමරිකාවට පැමිණෙන දෙවන අවස්ථාව මෙය බවයි.

යුක්රේන යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකදී මෙම සංචාරය සිදුකෙරන බව ද ඔහු පවසනවා. 

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි මෙලෙස අමෙරිකාවට පැමිණීමට නියමිතව ඇත්තේ රුසියාව සිය සමීපතම සගයෙකු වන න්‍යෂ්ටික බලය සහිත උතුරු කොරියාව සමග පවතින සබඳතා තර කර ගනිමින් සිටින පසුබිමක් තුළයි.

රුසියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මේවනවිට දින 05 ක් පුරා රුසියාවේ රැඳී සිටිනවා.