Saturday, May 4, 2024

General line - 0115112241

යුක්‍රේන ජනපති  අමෙරිකාවට - එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය ඇමතීමටත් සැරසෙයි




යුක්‍රේන ජනාධිපති ව්ලොදීමීර් ස්ලෙනෙස්කි අමෙරිකාවට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සදහා යුක්‍රේන ජනාධිපතිවරයා එලෙස අමෙරිකාවට පැමිණ සිටින බවයි.

ඒ අනුව ඔහු මේ වන විට නිව්යෝර්ක් නුවරට ලගා වී ඇති බවත් අද දිනයේදි එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්‍රේන ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිද වන ඔලේනා ස්ලෙනෙස්කාද අමෙරිකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරයට සමගාමීව යුක්‍රේන ජනාධිපතිවරයා අමරිකානු ජනාධිපති ජෝ  බයිඩ්න් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.