Saturday, April 20, 2024

General line - 0115112241

පදක්කම් සටහනේ ඇමරිකාව තවමත් පෙරමුණේ




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මෙතෙක් දිනාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 100 ඉක්මවීමට ඇමරිකාව සමත් වී සිටිනවා.

රන් පදක්කම් 37ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ඇතුළත්ව මුළු පදක්කම් 103ක් ඇමරිකාවට හිමියි.

රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 21ක් සහ ලෝකඩ පදක්කම් 13ක් ඇතුළත්ව මුළු පදක්කම් 58ක් දිනා ගනිමින් බි‍්‍රතාන්‍යය පදක්කම් සටහනේ දෙවන තැන පසුවනවා.

චීනය දිනාගෙන ඇති රන් පදක්කම් ගණන 22ක්. කිසියම් හෝ පදක්කමක් දිනාගෙන සිටින රටවල් ගණන 73ක් වනවා. සත්කාරක බ‍්‍රසීලය පසුවන්නේ පදක්කම් සටහනේ 14වන ස්ථානයේයි.

රන් පදක්කම් 5ක් , රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 5ක් ඔවුන් දිනාගෙන සිටිනවා.