Saturday, May 4, 2024

General line - 0115112241

කැනඩාවේ සිටින ඉන්දියානුවන්ට අනතුරු ඇඟවීමක්




කැනඩාවේ සිටින ඉන්දියානු වැසියන් වෙත ඉන්දිය රජය මඟින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඉන්දිය රජය පවසන්නේ කැනඩාව තුළ වර්ධනය වෙමින් ඇති ඉන්දිය විරෝධී ක්‍රියාකාරකම් සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

ඉන්දියාව සහ කැනඩාව අතර මේ වන විට හටගෙන තිබෙන රාජතාන්ත්‍රික අර්බුදය මධ්‍යයේ ඉන්දිය රජය අනතුර ඇගවීම නිකුත් කර තිබෙනවා.

කැනඩාවේ සිටි සික් ජාතික ආගමික නායකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් පදනම් කරගනිමින් දෙරට අතර මෙම මතභේදාත්මක තත්ත්වය පැන නැගුණා.

එහිදී කැනඩාව චෝදනා කළේ එම ඝාතනයට ඉන්දිය රජයේ සම්බන්ධයක් ඇතැයි සැකයක් පවතින බවයි.

කෙසේවෙතත් ඉන්දියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මේ හේතුවෙන් දෙරටේ සබඳතා සඳහා දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.