Saturday, May 4, 2024

General line - 0115112241

හිජාබය නැති ඉරාන කතුන් වසර 10 ක් සිරගෙට




ඉරාන පාර්ලිමේන්තුව මතභේදාත්මක පනත් කෙටුම්පතක් සම්මත කර තිබෙනවා.

ඇඳුම්, පැළඳුම් සම්බන්ධයෙන් පනවා ඇති නීති කඩකරන ඉරාන කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම් කාලය සහ දඩ මුදල් ප්‍රමාණය ඒ හරහා තවත් ඉහළ යාමේ අවධානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එය නීතියක් ලෙස සම්මත වුවහොත් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කරමින් ඇඳුම් පැලඳුම් භාවිත කරන ඉරාන කාන්තාවන් සහ ගැහැණු ළමුන් වසර 10 ක සිර දඬුවමකට යටත් වනු ඇති.


ඒ සම්බන්ධයෙන් චෝදනාවලට ලක්වන කාන්තාවන්ට එරෙහිව වසර තුනක නඩු විභාගයක් පැවැත්වෙනු ඇතැයිද සඳහන්.

කෙසේවෙතත් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කළ මෙම මතභේදාත්මක පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වීමට නම් එය ඉරානයේ භාරකාර කවුන්සිලය විසින් සම්මත කළ යුතු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.