Monday, April 29, 2024

General line - 0115112241

ගත වූ දින දෙකේදී කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි පිරිස  ලක්ෂ දෙක ඉක්මවයි



24 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තෙවන දිනය අදයි.

පසුගිය දින දෙක පුරා මෙන්ම අද දිනයේද පාඨකයන් විශාල පිරිසක් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකියන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ.

විශේෂ වට්ටම් යටතේ පොත් මිලදී ගැනීමේ හැකියාවද පාඨකයින්ට එහිදී හිමි වන බව ඔහු ප්‍රකාශ කළා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් එෆ් එම් විශේෂ කුටියේ ස්ථාපිත පොත් කැටය සඳහා පොත් පරිත්‍යාග කිරීමට නෙත් ශ්‍රාවකයින්ට මෙවරත් අවස්ථාව උදා කර දී තිබෙනවා.

 

එලෙස පොත් පරිත්‍යාග කිරීම සඳහා නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණි පාඨකයින් කිහිප දෙනෙකු තමන් හිමි වූ අවස්ථාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.