Saturday, December 21, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හයවන දිනය අදයි




ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 24 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හයවන දිනය අදයි.

පාඨක ලේඛක හමු, පොත් දොරට වැඩීම්, සංස්කෘතික සංදර්ශන හා ළමුන් සඳහාම වෙන්වූ ක්‍රියාකාරකම් රැසක් ප්‍රදර්ශන භූමිය තුළ පැවැත්වෙනවා.

එමෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨක ඔබට විශේෂ වට්ටම් යටතේ පොත් මිලදී ගැනීමේ හැකියාවද පවතින බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් එෆ් එම් විශේෂ කුටියේ ස්ථාපිත පොත් කැටය සඳහා පොත් පරිත්‍යාග කිරීමට පාඨකයින්ට මෙවරත් අවස්ථාව උදා කර දී තිබෙනවා.

එහි පැමිණි පාඨකයින් විශාල පිරිස අතරින් කිහිප දෙනෙකු තමන් ලද අත්දැකීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන සඳහා සහභාගී වන ප්‍රියනාත් ජයසූරිය විසින් රචිත නවතම කෘතිය වන “ආදරයෙන් ඔබ්බට” කෘතිය මිලදී ගැනීමට ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියට පැමිණෙන පාඨක ඔබට මේවනවිට අවස්ථාව පවතිනවා.

 

සැබෑ ජීවිතය තුළ මනස සහ ආදරය පිළිබඳ වෙනස්ම කෘතියක් වන “ආදරයෙන් ඔබ්බට” කෘතිය නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණ මිලදී ගත හැකියි. මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා නෙත් එෆ් එම් නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙනවා.