Saturday, May 4, 2024

General line - 0115112241

මාලදිවයිනට චීන හිතවාදී නායකයෙක්




චීන හිතවාදියෙකු ලෙස සැලකෙන මොහොමඩ් මුයිසු මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජය ලබා තිබෙනවා.

වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සමඟ පැවති දෙවන වටයේ ඡන්ද විමසීමෙන් අනතුරුව චීන හිතවාදී මුයිසු ජය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

දෙවන වටයේ ඡන්ද විමසීමේදී මුයිසු සියයට 54ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.

මාලදිවයිනේ පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ ඇති මතභේදාත්මක තත්ත්වය වත්මන් ජනාධිපතිවරයාගේ පරාජයට හේතු වන්නට ඇති බවයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ. 

කෙසේවෙතත් ලබන නොවැම්බර් 17වනදා යෙදි තිබෙන අනුප්‍රාප්තිකයාගේ දිවුරුම් දීමේ උත්සවය දක්වා ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මාලදිවයිනේ භාරකාර ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති. ඉන් අනතුරුව මොහොමඩ් මුයිසු බලයට පත් වීමත් සමඟ චීන මාලදිවයින් සබඳතා තවදුරටත් කර වනු ඇතැයිද ජාත්‍යන්තර විචාරකයින් විශ්වාසය පළ කරනවා.

කෙසේවෙතත් මාලදිවයින සඳහා චීනය සිදු කරන අත පෙවීම් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.