Saturday, May 4, 2024

General line - 0115112241

රුසියාවට එරෙහිව අලුත් බලවේගයක් එන ලකුණු




රුසියාවේ කුලී හමුදාව වන වැග්නර් හමුදාවේ නායකත්වය සම්බන්ධයෙන් මේ වන විට නවතම වාර්තා පළවෙමින් තිබෙනවා.

එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ වැග්නර් හමුදාවේ හිටපු නායකයා වන යෙව්ගනි ප්‍රිගොෂින්ගේ පුත්‍රයා නව නායකයා වීමේ සූදානමක් පවතින බවයි.

ඒ අනුව වැග්නර් හමුදාවේ පාලනය මෙන්ම ප්‍රිගොෂින්ට අයත්ව තිබූ සියලු වත්කම්ද ඔහුගේ පුත්‍රයාට පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පවෙල් ප්‍රිගොෂින් ලෙස හැඳින්වෙන ඔහු මේ වන විට 25 හැවිරිදි වියේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වැග්නර් හමුදාවේ හිටපු නායකයා වූ යෙව්ගනි ප්‍රිගොෂින් රුසියාවේ, මොසකව් අගනුවරදී සිදුවූ ගුවන් අනතුරකින් ඉකුත්දා ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් අනතුරුව වැග්නර් හමුදාවට මෙතෙක් නායකයෙකු නම් කර නැහැ.