Saturday, May 4, 2024

General line - 0115112241

බැංකොක් සුපිරි වෙළඳ සංකීර්ණයක වෙඩි තැබීමක් - 14 හැවිරිදි ළමයෙකු අත්අඩංගුවට




තායිලන්තයේ, බැංකොක් නගරයේ පිහිටි සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණයක අද දරුණු වෙඩි තැබීමක් සිදුවුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරය හේතුවෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතරට විදේශිකයෙකු ද අයත්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක් පමණ වන ළමයෙක්.

කෙසේවෙතත් ඔහුගේ අරමුණ කුමක්දැයි අනාවරණ වී නැහැ.

වෙඩි ප්‍රහාරයෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්ව තිබෙනවා.