Saturday, May 4, 2024

General line - 0115112241

යුක්‍රේනයේ ඊසාන දිග ප්‍රදේශයේ රෝසා ප්‍රදේශය ඉලක්ක කර රුසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි




යුක්‍රේනයේ ඊසාන දිග ප්‍රදේශයේ රෝසා ප්‍රදේශය ඉලක්ක කර රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසුවේ අවමංගල්‍ය උත්සවයක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති බවයි. හමුදා සාමාජිකයෙකුගේ අවමංගල්‍ය උත්සවයක් වෙනුවෙන් බොහෝ පිරිසක් එම ස්ථානයට එක්රැස්ව තිබෙනවා.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක්ද සිටින බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ගුවන් ප්‍රහාරය හමුවේ රෝසා ගම්මානයේ සෑම පවුලක්ම පාහේ විපතට පත්ව ඇති බවයි.