Monday, April 29, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර සඳහා ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත හිලව් කරන බව හමාස් සංවිධානය කියයි




යුදමය තත්ත්වය ආරම්භ කළේ ඊශ්‍රායලය නොවුනද එය අවසන් කරන්නේ ඊශ්‍රායලය බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා.

ඔහු පැවසුවේ සිවිල් ජනතාවගේ ජීවිත බිලිගත් හමාස් සංවිධානයට බරපතල ප්‍රතිවිපාක සඳහා මුහුණ දීමට සිදුවන බවයි.

මේ අතර, ගාසා තීරය සමග පවතින දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ඉකුත් දින දෙකක පමණ කාලය තුළ එම දේශසීමාව හරහා රට තුළට කිසිඳු සටන්කාමියෙකු ඇතුළු වී නොමැති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් රට තුළට ඇතුළු වී සිටින සටන්කාමීන් සොයා තවදුරටත්  මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

මේ අතර, ඊශ්‍රායලයේ සිටි විදේශිකයින් ඇතුළු 400ක පමණ පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන් කාමින් විසින් ගාසා තීරයට රැගෙන ගොස් ඇති බවට වාර්තා පළ වනවා.

ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවීම හමුවේ ඊශ්‍රායලය මෙන්ම ලොව රටවල් රැසක් පත්ව සිටින්නේ වික්ෂිප්තභාවයකටයි.  

අමෙරිකාව පවසන පවසන පරිදි අමෙරිකානු වැසියන් 150 දෙනෙකු පමණ එම ප්‍රාණ ඇපකරුවන් අතර වනවා.

කෙසේවෙතත් හමාස් සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලයෙන් එල්ල කරන ගුවන් ප්‍රහාර සඳහා ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත හිලවු කරන බවයි.