Wednesday, May 8, 2024

General line - 0115112241

ගාසා තීරයේ රෝහල් පද්ධතිය කඩා වැටෙයි




ගාසා තීරයේ රෝහල් පද්ධතිය මේවනවිට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

හමාස් පාලනය යටතේ පවතින ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ එහි පිහිටි රෝහල් 12ක් සහ වෙද්‍ය මධ්‍යස්ථාන 32ක මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවයි.

ගාසා තීරයේ විදුලි සැපයුම බිඳ වැටී ඇති පසුබිමක පැවති ඉන්ධන තොගද අවසන් වීම හේතුවෙන් අදාළ රෝහල්වල කටයුතු තවදුරටත් පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන ගැටලුව හමුවේ අද දිනයේදී ගාසා තීරයේ පිහිට තවත් රෝහල් රැසක මෙහෙයුම් බිඳ වැටෙනු ඇතැයි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. 

රෝහල්වල දොරටු විවෘත කර තිබූ පමණින් අර්ථ ගැන්වෙන්නේ ජල කඳක් සේ ගලා එන තුවාලකරුවන්ට ඒවා තුළ සේවා සැපයීම සිදු කරෙතැයි නොවන බවද ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එබැවින් වහා ඉන්ධන සපයන ලෙසයි ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ අතර ගත වූ පැය 24දී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන්  704 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ අනුව, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 5,791 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 2,000කට වැඩි පිරිසක් දරුවන්. තුවාල ලැබූ සංඛ්‍යාව 16,000කට අධිකයි.