Wednesday, May 8, 2024

General line - 0115112241

ඊශ්‍රායලය, ගාසා තීරයේ දැවැන්ත භූමි ආක්‍රමණයකට සූදානම්




ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දැවැන්ත භූමි ආක්‍රමණයකට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

එලෙස තොරතුරු වාර්තා වන්නේ ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුලු විදේශිකයින් තවමත් ඉන් ඉවත් කරගෙන නොමැති පසුබිමකයි.

ඒ අනුව ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සම්බන්ධf යන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. 


නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක්වූ පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ සඳහන් කළේ ඊජිප්තුව දෙසට තිබෙන රෆා පිවිසුම විවෘත කළද ඒ හරහා ගාසා තීරයේ සිටින විදේශිකයින්ට පිටව යාමට මෙතෙක් අවසර හිමිව නොමැති බවයි.

විදේශිකයින්ට ඉන් පිටවීම සඳහා අවස්ථාව ලැබීමෙන් අනතුරුව පමණක් එහි සිටින ශ්‍රි ලාංකිකයින් 17 දෙනා රැගෙන ඒමට හැකි බවයි ඔහු පැවසුවේ. 


කෙසේවෙතත් ඊට අවශ්‍ය සියලු කටයුතු මේවන විටත් සම්පාදනය කර අවසන් බවද පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ සඳහන් කළා.


කෙසේවෙතත් ගාසා තී්රයේ සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආහාර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට තමන්ට මේ මොහොතේ මැදිහත් වීමට නොහැකි බවයි පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ පැවසුවේ.


එහෙත් ඔවුන්ට උපකාර කරන ලෙසට සංවිධාන දෙකකින් ඉල්ලීමක් කළ බව ඔහු කියා සිටියා.


මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින ගැටුම් අතර මියගිය අනුලා රත්නායක ජයතිලකගේ දේහය කඩිනමින් මෙරටට එවීමට කටයුතු කර ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් තානාපතිවරයා සඳහන් කළේ දේහය මෙරටට රැගෙන ඒම සඳහා අදාළ ගුවන් සමාගමට භාරදී ඇති බවයි.

ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව අදාළ ලියකියවිලි ද සකස් කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව බලා පැමිණෙන ආසන්නතම ගුවන් යානයෙන් ඇගේ දේහය මෙරටට රැගෙන එනු ඇති. කෙසේවෙතත් ඊශ්‍රායලයේ සිට ගුවන් යානා පැමිණීමේ ප්‍රමාදයක් පවතින බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.