Wednesday, May 8, 2024

General line - 0115112241

අමෙරිකාවට ප්‍රහාරයක් - 22 ක් මරුට




ත්‍රස්ත ප්‍රහාරයක් කොයි මොහොතකදී හෝ එල්ල වෙතැයි බියෙන් පසුවූ අමෙරිකාවට අද එම භීතියට මුහුණ දීමට සිදුවුණා. ඒ අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් නගරයට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවක් හමුවේයි.

නගරයේ අවන්හලක් ඇතුළු ස්ථාන 02 ක වෙඩි තැබීම් සිදුව තිබෙනවා.


ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 22 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 60 ක්. ප්‍රහාරයට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ප්‍රහාරයත් සමඟ අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් නගරයට ආසන්න රජයේ පාසැල් වසා දැමීමට ද මේ වන විට තීරණය කර තිබෙනවා.

අමෙරිකාව ගාසා යුද්ධයට මැදිහත් වී සිටින පසුබිමක් තුළයි මෙම සිදුවීම වාර්තා වන්නේ. අමෙරිකාවට ද කොයි මොහොතක හෝ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු අගවා තිබුණා. 


මේ අතර ප්‍රහාරය එල්ලකළ පුද්ගලයා හඳුනාගෙන ඇති බවත්, ඔහු මානසික ආබාධයකින් පෙළුනු පුද්ගලයෙකු බවත් විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළා.