Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි




ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද කපිතාන් ආනන්ද් මුකුන්දන්(Captain Anand Mukundan) අද දින  (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිල වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

ඒ අනුවල නාවික හමුදාධිපති විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන්(Captain Anand Mukundan)  නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුවල නාවික හමුදාධිපති සහ ඉන්දියානු නව ආරක්ෂක උපදේශක අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්විණ.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.