Saturday, December 28, 2024

General line - 0115112241

ඉහල දැමු විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් පැහැදිලි කිරීමක්




පවතින වර්ෂාපතනය හමුවේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ රැසක් සැලකිය යුතු ධාරිතාවයකින් පිරී පවතින පසුබිමක් තුළ සියයට 18 ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ නැංවීමට බලපෑ හේතු සම්බන්ධයෙන් නෙත් නිවුස් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් විමසිමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ මෙම විදුලි බිල ඉහළ දැමීම සිදුකර ඇත්තේ ලබන වසරේ ජූනි මාසය දක්වා ක්‍රියාත්මක වන පරිදි බවයි.

එහෙත් එම කාලය තුල වර්ෂාපතනය  එකලෙස නොලැබෙන බවත් ඉදිරියේදි ඉන්ධන ඉහළ යාමේ අවධානමක් ද පවතින බැවින් එම සියලු කරුණු සලකා බලා මෙම විදුලි බිල වැඩි කිරීම සිදුකළ බවයි ඔහු පැවසුවේ.


විදුලි සැපයුම ලබා දීමේදි සලකා බලන ඇතැම් කරුණු නිශ්චිත නොවන පසුබිමක් තුල අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම වෙනුවෙන් එලෙස විදුලි බිල ඉහළ දැමීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා.

 

සියයට 18ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේ කිසිදු පාර්ශවයකින් එල්ලවු බලපෑමකින් තොරවද යන්න සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදි විමසීමක් කළා.