Saturday, April 27, 2024

General line - 0115112241

ගාසා සීමා විවෘත වෙයි - සති 03 ක් සිරවී සිටි පිරිස් එළියට




ඊශ්‍රායල් - හමාස් ගැටුම් හමුවේ ගාසා තීරයේ රෆා දේශ සීමාව පළමු වරට විවෘත කර තිබෙනවා. ඒ අනුව සති 3 කට අධික කාලයක් ගැටුම් මධ්‍යයේ සිරවී සිටි පිරිස් පළමු වරට ගාසා තීරයෙන් ඉවතට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම පිරිස 400 කට අධිකයි. ඒ අතරින් බහුතරය විදෙස් ගුවන් බලපත්‍ර හිමි පිරිසයි. තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකු ද මෙහිදී ගාසා තීරයෙන් පිටතට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 
මේ අතර ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන් ම කපා දමා ඇති බව ද දුරකථන සමාගම් පවසනවා. 


ඊශ්‍රායල් - හමාස් ගැටුම් පළමු වරට ආරම්භ වූයේ කුත් ඔක්තෝම්බර් 7 වනදායි. හමාස් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 1,400 ක්. පැහැර ගැනීමට හෝ ප්‍රාණ ඇපකරුවන් ලෙස හෝ රඳවාගෙන සිටින පිරිස 239 ක්.

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ද පුද්ගලයින් 8,700 කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් තිබෙනවා.