Saturday, April 27, 2024

General line - 0115112241

ගාසාහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින්ට ඊජිප්තුවේ දොර ඇරෙයි




ඊශ්‍රායල් - හමාස් සංවිධානය අතර ගැටුම් මැද ගාසා තීරයේ සිරවී සිටි විදේශිකයින් සඳහා ඉන් පිටතට පැමිණීමට අද අවස්ථාව උදා වනවා.

ඒ අනුව ජපන් ජාතිකයින් 10 දෙනෙකු, ඊජිප්තුවට පැමිණ ඇති බව ජපානය මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කර තිබෙනවා. ගාසා තීරයේ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ද සිටිනවා.

ඔවුන්ට ද  රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුලුවීමට අවසර ලැබී ඇති බවටයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ. විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පැවසුවේ අදාළ ශ්‍රී ලාංකිකයින්ගෙන් 15 දෙනෙකු ඊජිප්තුවට ළඟාවීමට නියමිත බවයි.


අතුරුදන්ව සිටින තවත් ශ්‍රී ලාංකිකයෙකු හමාස් සංවිධානයේ ග්‍රහණයට ලක්ව ඇති බව ද වාර්තා පළ වනවා. රෆා පිවිසුම විවෘත කිරීමත් සමඟ විදේශිකයින් 400 ත් 500 ත් අතර පිරිසක් ඉන් පිටතට පැමිණෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේවෙතත් තවමත් ගාසා තීරයේ දරුණු ගැටුම් පවතිනවා. .