Saturday, April 27, 2024

General line - 0115112241

ගාසා ගැටුම් තාවකාලිකව නතර කරන්න - අමෙරිකාව පළමුවරට ඉල්ලයි




රෆා දේශසීමාව විවෘත කෙරුණ ද ගාසා තීරයේ තවදුරටත් දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ඊයේ රාත්‍රිය පුරා තැන තැන පිපුරුම් හඬ සහ වෙඩි හඬ ඇසුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ ගාසා තීරයේ මෙහෙයුමක් සිදුකළ බවට ඊශ්‍රායල් හමුදා අංශ මෙතෙක් තහවුරු කර නැහැ. 


මේ අතර ගාසා තීරයේ රෆා දේශසීමාව විවෘත කිරීමට තීරණය කර ඇති අතර ඒ හරහා පුද්ගලයින් 500 කට පමණ ගාසා තීරයෙන් පිටවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ දැන් ගාසා තීරයට මානුෂීය විරාමයක් අවශ්‍ය බවයි. ගාසා තීරයේ සිරවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා සහ මානුෂීය ආධාර ලබාදීම සඳහා විරාමයක් ලබාදිය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා.