Monday, May 6, 2024

General line - 0115112241

සබරගමුවේ පාසල් සඳහා නවක විදුහල්පතිවරු  373 ක් බඳවා ගැනේ




සබරගමුව පළාතේ පාසල් සඳහා නවක විදුහලපතිවරු 373 ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම පසුගිය දා (04) කලවාන ජාතික පාසලේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානයකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

දීපව්‍යාප්තව විදුහල්පති සේවය සඳහා 4000 පමණ බඳවා ගැනීමට රජය පියවර ගෙන තිබේ.

මෙම ප්‍රධාන ලේකම් මහින්ද එස්.වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි,සබරගමුව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් විජේරත්න දෙවගෙදර , පළාත් අධ්‍යාපනය අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර ,හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.