Sunday, May 5, 2024

General line - 0115112241

ගාසා තීරය ගැන ඉරානයෙන් දැඩි තිරණයක් 




ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් සම්බන්ධයෙන් වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව මතුවී ඇති බව ඉරාන ජනාධිපති පවසනවා 

සෞදි අරාබියේ පැවැත්වෙන අරාබි නායකයිගේ සමුළුව සඳහා සහභාගීවීමට ටෙහෙරාන් ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී  ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෙහෙරානය සහ රියාද් වසර ගණනාවක එදිරිවාදිකම් අවසන් කිරීමෙන් පසු ඉරාන රාජ්‍ය නායකයෙකු සෞදි අරාබියට කරන පළමු සංචාරය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.