Wednesday, October 23, 2024

General line - 0115112241

යුරෝපා කුසලාන කරාතේ තරගාවලියේදී රන්  සහ ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට




ඉතාලියේ වෙනිස් නගරයේ පැවති යුරෝපා කුසලාන කරාතේ තරගාවලියේදී රන්  සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවන් දෙදෙනෙකු වන මීමනගේ රෝසමරියා ප්‍රනාන්දු සහ මීමනගේ එලීසා ප්‍රනාන්දු සමත් වුණා.

මීමනගේ රෝසමරියා ප්‍රනාන්දු 15 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩිකාවක් වන අතර මීමනගේ එලීසා ප්‍රනාන්දු හත් හැවිරිදි වියේ පසුවනවා.

එමෙන්ම, එලීසා ප්‍රනාන්දු යුරෝපා කුසලාන කරාතේ තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගෙන ඇත්තේ තරඟකාරියන් 40 දෙනෙකු සමඟ පැවති තරඟ ඉසව්වකදී වීම විශේෂත්වයක්.