Saturday, December 2, 2023

General line - 0115112241

ක්‍රිකට් බලධාරීන් අද කෝප් කමිටුව හමුවට




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් 13 දෙනෙකු අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පැවසුවේ අද පස්වරු 2 ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසුවා.


එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විගණකාධිපතිවරයා විසින් සකස්  කරන ලද වාර්තාවේ ඇතුළත් කරුණු ද අද දිනයේ සාකච්ඡා කිරීමට නියමිත බවයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පැවසුවේ.