Wednesday, October 23, 2024

General line - 0115112241

අපරාජිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද ලෝක කුසලානයේ තීරණාත්මක තරඟයක




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරඟ අද සිට ආරම්භ වනවා.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඉන්දියාව හා නවසීලන්තය අතරයි. ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගණයේදී මෙම තරඟය පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ තරග 09ම ජයගෙන ඉන්දියාව අපරාජිතව මෙම තරගයට එක්වන අතර නවසීලන්තය, ශ්‍රී ලංකාව සමග පැවති තරගය ජය ගැනීමත් සමඟ අවදානමෙන් මිදී සුපිරි 04 දෙනාගේ වටයට පිවිසියා.

එහෙත් ඉතිහාසය පරීක්ෂා කිරීමේදී ලෝක ක්‍රිකට් පිටියේ නොකවුට් හෙවත් පිළිමලුන් පිටුදැකීමේ, මෙවැනි අවසන් පූර්ව තරගවල ඉන්දීය ඉතිහාසය එතරම් සතුටුදායක නැහැ.

ජාත්‍යන්තර පිටියේ නවසීලන්තය හමුවූ එවැනි නොකවුට් තරගවලදී ඉන්දියාව පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්.

2019 එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය මෙන්ම 2021 වසරේ ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරගයද ඊට කදිම උදාහරණ සපයනවා.

කෙසේ වෙතත්, මෙවර තරගාවලියේ මේ දක්වා පැවති තරඟවලින් ඉහල දක්ෂතා දක්වා ඇත්තේ ඉන්දියාවයි.

ඒ අතරින් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණියයි.

ඉන්දීය පන්දු යවන්නන් මෙවර තරඟාවලයේ මේ දක්වා කඩුලු 85ක් බිඳ හෙලා තිබෙනවා. 

ඒ අතරතුර තරඟාවලියේ පිතිකරුවන් අතින් ගත් කල හොදම ලකුණු ලැබීමේ සාමාන්‍යයක් ඇති රට බවට පත්ව ඇත්තේ නවසීලන්තයයි. 

ඒ අනුව අද තරගය නවසීලන්ත පිතිකරුවන් හා ඉන්දීය පන්දු යවන්නන් අතර තරඟයක් වනු ඇති බවටයි පැවසෙන්නේ. වන්කඩේ ක්‍රීඩාංගණයේ කාසියේ වාසියද තීරණාත්මක සාධකයක්.