පාරිභෝගික අධිකාරිය පවසන ආකාරයට රට තුළ මේවනවිට මෙටි්‍රක් ටොන් 19, 000 ක පමණ සීනි තොගයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
බැවින් රට තුළ සීනි හිඟයක් ඇතිවීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
දැරණියගල - ඉළුක්තැන්න ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ආනයනය කරන භාණ්ඩ වර්ගයක ආනයන බදු වැඩි කළ විට රට තුළ එම භාණ්ඩ තොගයක් තිබුණහොත් , බදු පැනවීමෙන් පසු එම තොගයේ වටිනාකම වැඩිවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.