එක්දින සහ ටී 20 ක්‍රිකට් තරග සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ, එක්දින හා පන්දුවාර 20 තරගවලදී කාලය අපතේ යාම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින්.
මේ සදහා විරාම ඝටිකාවක් නොමැතිනම් කාලය මනින විශේෂ ඔරලෝසුවක් භාවිත කිරීමට තීරණය කිරීම කැපී පෙනෙනවා.
ඒ අනුව ක්‍රීඩා කිරීමේ වේගය නියාමනය කිරීම සඳහා මෙම විරාම ඝටිකාව භාවිත කරනු ඇති.
එහිදී සිදුවන්නේ පන්දු යවන්නන් දෙදෙනෙකු යවන පන්දු ඕවර දෙකක් අතර ගතවන කාලය එහිදී නියාමනය කිරීමට නියමිතයි.
නව නීතිය අනුව පෙර පන්දු ඕවරය නිමා කර විනාඩියක් ඇතුළත ඊළඟ පන්දු වාරය යැවීමට පන්දු රකින කණ්ඩායම සූදානම් විය යුතු වනවා.
එවැනි ප්‍රමාද වන අවස්ථා 03ක් එක් ඉනිමකදී සිදුකළ විට දඩුවම් ලකුණු 5ක් පන්දු යවන කණ්ඩායමට ලබා දෙනු ඇති.
කෙසේ වෙතත් මෙය අත්හදා බැලීමක් ලෙස පළමුව සිදු කෙරෙනවා.
ඒ, 2023 දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර කාලය තුළයි.
තරග වල කාලය මැන බැලීම මේවන විටද සිදුවන අතර කිසියම් කණ්ඩායමක් නියමිත වේලාවට පන්දු වාර සංඛ්‍යාව ක්‍රියාත්මක නොකලහොත් දැන් සිදු වන්නේ හතරේ සීමාවෙන් පිටත රැදවිය හැකි පන්දු රකින්නන් සංඛ්‍යාව අවසන් පන්දුවාර 10දී අඩු කිරීමයි.