එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ලෝක ශුර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් සිය මව්රටට පැමිණ තිබෙනවා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ ජෝස් හේල්සල්වුඩ්, සිඩ්නි වෙත පැමිණ ඇති අතර කැමරන් ග්‍රේන්, ඇලෙක්ස් කේරී, මිචෙල් මාෂ් සහ කණ්ඩායමේ පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් මෙල්බන් වෙත පැමිණි බවයි ඔස්ටේ්රලියානු මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගනිමින් සිය මව් රටට පැමිණි මෙම ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් හෝ වෙනත් විශේෂිත පිළිගැනීමක් සිදුව නැහැ.
ලෝක ශූරතාව දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් අඩක් පමණ තවදුරටත් ඉන්දියාවේ රැදී සිටිනවා.
ඒ තරඟ 05 කින් සමන්විත 20 යි 20 තරඟාවලියකට සහභාගී වීම සඳහායි.
ශෝන් ඇබට්, ට්‍රැවිස් හෙට්, ජොස් ඉන්ගිලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මාකස් ස්ටොයිනිස් සහ ඇඩම් සම්පා එලෙස ඉන්දියාවේ රැදී සිටි ඇති ක්‍රීඩකයින් වනවා.