Sunday, November 24, 2024

General line - 0115112241

ලෝක කුසලානයෙන් දින 04කට පසුව ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අද යලි ක්‍රිකට් පිටියට




ලොවක් කතා කල එක්දින ලෝක කුසලානය නිමාවට පත්වී දින 04ක් ගත වෙන්නටත් පෙර ලෝක එක්දින ශූරයින් හා අනුශූරයින් අද එකම තරගයකදී යලි ක්‍රිකට් පිටියට පිවිසෙනවා.

ඒ, ඕස්ට්‍රේලියාව  හා ඉන්දියාව අතර ක්‍රිකට් තරගාවලයක් සදහායි.

මෙය පන්දුවාර 20 තරගාවලියක් වන අතර ඊට තරග 05ක් ඇතුලත්.

මෙම තරගාවලියට එක් නොවන එහෙත් ලෝක කුසලාන සංචිතයේ සිටි සෙසු ක්‍රීඩකයින් ඊයේ යලි සිය මව්බිම බලා පිටත්ව ගියා.

කිසිදු විශේෂ උත්සවයක් හෝ පිලිගැනීමකින් තොරව ඔවුන් සාමාන්‍ය පරිදි ඕස්ට්‍රේලියාවට පැමිණි සරල හා චාම් ආකාරයද මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙකම අද ඇරඹෙන පන්දුවාර 20 තරගාවලියට එක්වන්නේ නව නායකයින් සමගයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාව  මැතිව් වේඩ්ගේ නායකත්වයෙන් හා ඉන්දියාව සූර්ය කුමාර් යාදෙව්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙනවා.

සූර්ය කුමාර් යාදේව් යනු 2021 වසරේ සිට ඉන්දීය 20 යි 20 කණ්ඩායමට තේරීපත්වූ 09 වන නායකයා වීමද කැපී පෙනන සිද්ධියක්.

එමෙන්ම ලෝක කුසලාන සංචිතයේ සිටි ඉන්දීය කණ්ඩායමේ සුර්යකුමාර්, ඉෂාන් කිෂාන්, අක්ෂාර් පටෙල්, ප්‍රසීද් ක්‍රිෂ්ණා හැර සෙසු සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙම තරගාවලියේදී විවේක ගන්වා තිබෙනවා.

ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකු මෙම පන්දුවාර 20 - 20 තරගාවලියට එක්කිරීමටයි තීරණය කර ඇත්තේ. 

ඒ අතරට ග්ලේන් මැක්ස්වෙල්, ට්‍රැවිස් හෙඩ්, ඇඩම් සම්පා, මාර්කස් ස්ටොයිනිස්, ස්ටීව් ස්මිත් හා ජොස් ඉංග්ලිස් ද අයත්.

ඕස්ට්‍රේලියා - ඉන්දියා පළමු පන්දුවාර 20 තරගය විශාඛාපට්නම් හිදී අද රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.