ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දිය මාධ්‍ය ලබාදී ඇති අවදානය දැඩි ලෙස පහත වැටී ඇති බව වාර්තා වනවා.
දෙරට අතර පළමු විස්සයි 20 තරඟයට පෙර පැවති මාධ්‍ය හමුවට සහභාගීවී ඇත්තේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ.
මෙම තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායමට නායකත්වය ලබාදෙන සුර්ය කුමාර් යාදෙව් එම මාධ්‍ය හමුවට සහභාගීවී ඇති අතර මාධ්‍යවේදීන් දෙදෙනෙකු පමණක් සිටිනු දැක ඔහු පුදුමයට පත්වී “මොකක්, දෙන්නයිද ඉන්නේ” යනුවෙන් පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි මාධ්‍ය හමුවකට ඉන්දිය මාධ්‍යවේදීන් සිය දෙනෙකුට වඩා වැඩි පිරිසක් සහභාගී වන බවත්, ඇතැම් අවස්ාවලදී එම සංඛ්‍යාව 200 ද ඉක්මවා යන බවත් එම මාද්‍ය වාර්තාවල සඳහන්.
මීට හේතුව මාස එකහමාරක පමණ කාලයක් පුරා පැවති ලෝක කුසලාන තරඟාවලිය හේතුවෙන් ක්‍රීඩකයින් මෙන්ම එම තරඟ ආවරණය කරන මාධ්‍යවේදීන් ද විඩාවට පත්වී සිටීම ද නැතහොත් ඉන්දිය කණ්ඩායම අවසන් මහා තරඟයේදී ලැබූ පරාජය හේතුවෙන් ඇතිවූ කලකිරීම ද යන්න ප්‍රශ්ණාර්ථයක්.
එමෙන්ම ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවූ ඉන්දිය සංචිතයේ සිටි සාමාජිකයින් අතරින් මෙම තරඟාවලියට සහභාගි වන්නේ සුර්ය කුමාර් යාදෙව්, ඉෂාන් කිෂන් සහ ප්‍රසිත් ක්‍රිෂ්ණා පමණයි.
තරඟවලියේ තුන්වැනි තරඟයෙන් පසු ශ්‍රෙයාස් අයියර් ද ඉන්දිය කණ්ඩායමට එක්වීමට නියමිතව තිබෙනවා.