Sunday, November 24, 2024

General line - 0115112241

ඉන්දියාව, ඕස්ට්‍රේලියාවෙන් ලෝක කුසලානයේ වාඩුව ගනී




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් ලද පරාජයෙන් දින 04 කට පසු ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ. දෙරට අතර පැවති පළමු පන්දුවාර 20 තරඟයේදීයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 03 ක් දැවී ලකුණු 208 ක් රැස්කළා.

විශිෂ්ඨ පිතිහරඹයක නිරතවූ ජොෂ් ඉංගිලිෂ් පන්දු 50 කදී ලකුණු 116 ක් රැස් කළා. එය සැලකුනේ ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු පන්දුවාර 20 තරඟයකදී රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව සම කිරීමක් ලෙසයි. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19 යි පන්දු 5කදී කඬුලු 8 ක් පමණක් දැවී ලකුණු 209 ක් රැස්කරමින් තරඟය ජයගත්තා.

එය ඉන්දිය කණ්ඩායමක් පන්දුවාර 20 තරඟයක හඹාගෙන ගොස් ලැබූ ඉහළම ජයග්‍රහණයයි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ සූර්යකුමාර් යාදෙව් පන්දු 42 කදී ලකුණු 80 ක් රැස්කළා.

තරඟයේ අවසන් පන්දු 14 දී ඉන්දියාවට කඬුලු 6 ක් අතැතිව ලකුණු 15 ක් පමණක් ලබාගත යුතුව තිබුණ ද අවසානයේ කඬුලු 4 ක් දැවී යාමත් සමඟ තරඟය උණුසුම් වුණා.

පසුව තරඟය අවසානයට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ඉන්දියාව මෙම ජයග්‍රහණය වාර්තා කළා.