Sunday, November 24, 2024

General line - 0115112241

 මෙවර IPLපිටියේදී කෝලිගේ කණ්ඩායමෙන් වනිදු ඉවත් කරන ලකුණු




ලොව වැඩිම මුදලක් සංසරණය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් සිය අවසන් ක්‍රීඩක ලැයිස්තු අද ප්‍රකාශයට පත්කරීමට නියමිතයි.

ඒ අනුව කුමන ක්‍රීඩකයින් සිය කණ්ඩායම තුළ රදවා ගන්නවාද? කුමන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් මුදා හරිනවාදැයි ප්‍රකාශයට පත් කරනු ඇති. 

මෙවර මෙහි විශේෂත්වය වන්නේ ලොව ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සිය කණ්ඩායම් විසින් මුදා හරිනු ඇති බවට වාර්තා පලවී තිබීමයි.

ඒ අතරට වනිදු හසරංගද අයත්.

විරාත් කෝලි ද සිටින බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් ඉකුත් වසරේ වනිදුව මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 10යි දශම 7යි 5කටයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු ලෝක කුසලාන එක්දින තරගාවලියටද එක් නොවූ අතර මේ හේතුවෙන් වනිදු සිය කණ්ඩායමෙන් මුදා හැරීමට බැංගලෝර් කණ්ඩායම පියවර ගනු ඇති බවට සදහන්. 

මීට අමතරව වැඩිම මුදලකට අලෙවි වූ එංලගන්තයේ සෑම් කරන්, ජොෆ්ර ආතර්, බෙන් ස්ටොක් හා ලුකී ෆර් ගියුෂන් ද මේ වන විට ඔවුන්ගේ හිමිකාරීත්වය දරන කණ්ඩායම් විසින් අද දිනයේ මුදා හරිනු ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ.

මෙලෙස ක්‍රීඩකයින් මුදා හැරීමේ දී එම ක්‍රීඩකයින්ට වාසියක් මෙන්ම අවාසියක්ද සිදුවනවා.

යම් හෙයකින් දැනට සිටින කණ්ඩායමට වඩා වැඩි මිලකට ඔහු මිලදී ගැනීමේ හැකියාවක් ඇති අතර ඊට වඩා අඩු මුදලක් හිමී වීමට හෝ කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීමේ ඉඩක්ද පවතිනවා.