Saturday, July 27, 2024

General line - 0115112241

පොලිස්පති පත් කිරීම කැබිනට් මණ්ඩලයට




පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, පොලිස්පතිවරයෙකු හෝ වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට අදාළ කරුණු අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. 

පුරප්පාඩු වි ඇති පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට වෙත අද දිනයේ යොමු කිරීමට නියමිත බව මීට පෙර වාර්තා වුණා.

කෙසේවෙතත් ව්‍යවස්ථාදායක සභාව වෙත නමක් යොමු කිරීමට පෙර ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට පසුව තිරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.