පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කාර්යාලයේදී තමන්ට පහරදුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අද ප්‍රකාශ කළා.
ඒ සමඟ පාර්ලිමේන්තුවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා.
ඉන් අනතුරුව තමන්ට කළ පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අදහස් පළ කළා.
එහිදී නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කරන ලෙසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර මහතා සහ සුජිත් සංජය පෙරේරා මහතා ද ඉන් අනතුරුව අදහස් පළ කළා.
ඉන් අනතුරුව යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අදහස් පළ කළේ මෙලෙසයි.