Monday, December 2, 2024

General line - 0115112241

ආරක්ෂක සේවා මේස පන්දු ශූරතාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු කර ගනී




ආරක්ෂක සේවා මේස පන්දු ශූරතාවලිය පිරිමි අංශයෙ හි ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවද කාන්තා අංශයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද ජයග්‍රහණය කර තිබෙනවා.

2024 නොවැම්බර් මස 26 දින සිට 28 දින දක්වා පනාගොඩ  ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩා පරිශ්‍රයේදී පැවති අතර  ඒ සඳහා සහභාගි වූ ත්‍රිවිධ හමුදා  මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී තිබුනා .

මෙහිදී කාන්තා අංශයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව  ද එම අංශයේ  අනු ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවද හිමිකර ගන්නා ලදී.

පිරිමි අංශයෙ හි ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවද එම අංශයේ අනු ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ද  හිමිකර ගැනීමට සමත්වන ලදි .

සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු සංගමයේ සභාපති මේජර් ⁣ජෙනරාල් එමි.එස්  දේවප්‍රිය යුඑස්පී  එන්ඩීසී  සහ තවත් ත්‍රිවිධ හමුදා ජේෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක්  සහභාගී විය.