Saturday, July 27, 2024

General line - 0115112241

පොලිස්පතිවරයෙකු පත්වන තුරු රාජකාරී සිදු කරන අයුරු පොලිසියෙන් පැහැදිලි කරයි




නීති්‍යානුකූලව පොලිස්පතිවරයෙකු පත්වන තෙක් පළාත් 09 තුළ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු එම පළාත්වල රාජකාරී කටයුතු අධික්ෂණය කරමින් කටයුතු සිද කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. 


පොලිස්පතිවරයා විශ්‍රාම යාමට පෙර පළාත් 09 නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඉදිරි සතියක කාලය තුළ සිදු කිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

ඒ අනුව ඔවුන් පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එම පළාත්වල රාජකාරිය සිදු කරන බවද නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළා.