පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බැවින් කඳු ආශ්රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව වැඩි අවදානයකින් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් ද තවදුරටත් වළංගු වන බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ඊයේ දිනයේ ජලයෙන් යට වූ සෝමාවතිය මාර්ගයේ ජල මට්ටම තවමත් සම්පූර්ණයෙන්ම බැස ගොස් නොමැති බවයි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි ඔහු කියා සිටියේ.
අද පස්වරුවේ ද ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
අම්පාර, ගල්ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් 100කට වැඩි සංඛ්‍යාවක් කඩිනමින් ඉවත් කිරීමට ඊයේ පියවර ගැනුනා.
මෙලෙස ඉවත් කර ඇති පිරිස පවුල් 44කට අයත්.
අම්පාර, ගල්ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානම තවදුරටත් පවතින බවයි වාර්තා වන්නේ.