අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමේ හෝ ලිහිල් කිරීමේ හැකියාවක් පවතින බවට වාර්තා පළ වනවා.
ලොව ප්රමුඛ පෙළේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ එම ධූරයෙන් ඉවත් කිරීම හමුවේ ක්‍රිකට් තහනමද ලිහිල් වීමට හෝ ඉවත් වීමට ඉඩ ඇති බවයි.
එහෙත් එය ස්ථිරවම සිදු වේදැයි මෙතෙක් කිසිදු පාර්ශවයක් තහවුරු කර පවසා නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්විම් පවතින බව පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඉකුත් දා ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.
ඒ හමුවේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් මෙරටට හිමිවන අරමුදල්ද සීමා කර ඇති අතර ලබන වසරේ මෙරට පැවැත්විමට නියමිතව තිබූ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාවට අහිමි වුණා.