Saturday, July 27, 2024

General line - 0115112241

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ගොවි ජනතාවට විශේෂ දැනුම් දීමක්




ලබන වසරේ මුල් මාස කිහිපය තුල වැසි තත්ත්වයේ අඩු විමක් සිදුවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම තත්ත්වය මැයි මස දක්වාම පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂක අනුෂා වර්ණසූරිය සඳහන් කළේ.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් වැව්වල ජලය ගොවිතැන් සඳහා ඉතිරි කර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂක අනුෂා වර්ණසූරිය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.