අම්පාර, ගල්ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් 100කට වැඩි සංඛ්‍යාවක් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මෙලෙස ඉවත් කර ඇති පිරිස පවුල් 44කට අයත් බවයි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සඳහන් කළේ මෙම පිරිස අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේද ගංවතුර තත්ත්වයක් මතුව තිබුණා.
එහි වත්මන් තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා ගෙනඑන වාර්තාවක් දැන්.
මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතිනවා.
මේ හේතුවෙන් සේනානායක සමුද්‍රයේ මේ වනවිට අක්කර අඩි හය ලක්ෂ 58,000ක් ජලය පිරී පවතින අතර සේනානායක සමුද්‍රයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හත් ලක්ෂ 70,000ක් බවටයි වාර්තා වන්නේ.