Wednesday, January 15, 2025

General line - 0115112241

චීන - ශ්‍රී ලංකා රාජ්‍ය නායක හමුව අද පස්වරුවේ




චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර හමුව අද පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා. 

ඒ, චීන මහජන ශාලාවේදීයි. 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා  පැවැත්වීමෙන් අනතුරුව එහිදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් ඊයේ පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්යවන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා. 

මෙම සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරදැරිව ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට ජනාධිපතිවරයා එක්වීමට නියමිතයි. 

එමෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙනු ඇති.