Sunday, November 24, 2024

General line - 0115112241

ග්ලේන් මැක්ස්වෙල්ගේ අදහාගත නොහැකි සුපිරි පිතිහරඹයක්




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ලොවක් මවිත කල ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ගේ අදහාගත නොහැකි සුපිරි පිතිහරඹයක් දැකගැනීමට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඊයේ රාත්‍රියේ හැකිවුණා.

ඒ, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වන පන්දුවාර 20 තරගයේදීයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03කට ලකුණු 222ක් රැස් කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාව කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 225ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

තරගය ජය ගැනීමට ඔස්ටේ්‍රලියාවට අවසන් පන්දු 18දී ලකුණු 49ක් රැස්කරගත යුතු වූ අතර අවසන් පන්දුවාරයේදී පමණක් රැස්කරගතයුතු වූ ඉලක්කය ලකුණු 21ක් වුණා.

අදහාගත නොහැකි පිතිහරඹයක නිරත වෙමින් ග්ලේන් මැක්ස්වෙල් මෙහිදී ඕස්ට්‍රේලියාවට ජය ගෙන ආවේ නව ලෝක වාර්තාවක් බිහිකරමින්.

ඒ අනුව පන්දුවාර 20 තරගයක ජයග්‍රහණය සදහා කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව, එනම් ලකුණු 21 මෙය වූ අතර, ඕස්ට්‍රේලියාව රැස්කල ලකුණු 222, පන්දුවාර 20 තරගයක ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් සාර්ථකම දෙවන තරගය බවටද පත්වුණා. 

මෙහිදී මැක්ස්වෙල් සිය ශතකය සම්පූර්ණ කලේ පන්දු 47කින්. එය ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු රැස්කල වේගවත්ම 20 - 20 ශතකයේ වාර්තාව සම කිරීමක්. 

මැක්ස්වෙල් මෙහිදී රැස්කලේ සිය 04වන පන්දුවාර 20 ශතකයයි.

එය සැලකුණේ පන්දුවාර 20 පිටියේ කිසියම් පිතිකරුවෙකු වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කල ලෝක වාර්තාව සම කිරීමක් ලෙසයි.

එමෙන්ම මැක්ස්වෙල් මෙම ශතකය රැස් කලේ සිය 100වන පන්දුවාර 20 තරගයේදී වන අතර එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු පිතිකරුවා වූයේ ද ඔහුයි.