Sunday, November 24, 2024

General line - 0115112241

ඉන්දිය ක්‍රිකට් විදෙස් පුහුණුකරුවන්ට දොර වසයි




කිසිදු විදේශීය පුහුණුකරුවෙකුගේ සහය ලබානොගැනීමට ඉන්දිය ක්‍රිකට් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දැනට කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ්ගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ, ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දක්වායි. 


රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු ධූරයට පත්වන්නේ 2021 වසරේ නොවැම්බර් මාසයේදීයි. ඒ, වසර දෙකක කාලයක් සඳහායි. ඔහුගේ සේවා කාලය ඉකුත් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසු අවසන්වීමට නියමිතව තිබුණා. ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරිත්වය යටතේ ඉන්දියාව ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියා. එහෙත් අදාළ කාලය තුළ ලෝක කුසලාන තරඟාවලි 03 කට සහභාගී වුවු ද කිසිදු ලෝක කුසලානයක් දිනා ගැනීමට ඉන්දියාවට හැකි වුණේ නැහැ.


රාහුල් ඩ්‍රාවිඩ්ට අමතරව ඉන්දිය කණ්ඩායමේ සහය පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු, පන්දු යැවීමේ පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරුවල කාලය දීර්ඝ කිරීමට ද ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම සියලු ප්‍රධාන තනතුරුවල කටයුතු කරන්නේ ඉන්දියානුවොයි.