Sunday, November 24, 2024

General line - 0115112241

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි - ධීවරයින්ටත් විශේෂ දැනුම් දීමක්

එන් ඒ ඩබ් නිරෝෂන්




උතුරු, උතුරු-මැද, නැහෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

නැහෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.


පුත්තලම හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ තීරයන්ට ඔබ්බෙන් ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ත් 90 ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. 

එම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවන ධීවරයින්ට එම කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවරයින්ගෙන් ඉල්ලා සිටියේ.