Saturday, July 27, 2024

General line - 0115112241

රොෂාන් රණසිංහ ක්‍රිකට්වලට මොකද කළේ ? හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි හෙළි කරයි




හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග අනුමත කළ නොහැකි බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

මන්ත්‍රීවරයා සඳහන් කළේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් සම්මත කිරීම පවා නොකළයුත්තක් සේ තමා දකින බවයි.


ක්‍රිකට් ජනප්‍රිය මාතෘකාවක් වූ බැවින් විපක්ෂය ද අනවශ්‍ය ලෙස එය අතට ගත් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.


ක්‍රිකට් ප්‍රශ්ණය විසදිය යුතු ආකාරයට වඩා එය වෙනත් අතට හැරුණු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගීවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.