අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂතා දැක්වුවා.
බංග්ලා ටයිගර්ස් සහ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර පැවති තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ ද චාමික කරුණාරත්නයි.
බංග්ලා කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස් පන්දු 12 කදී ලකුණු 29 ක් රැස් කළා. දක්ෂ පන්දු යැවීමක නිරතවූ චාමික කරුණාරත්න ලකුණු 22 කට කඬුලු 3 ක් බිඳහෙලීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් නිව්යෝර්ක් කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂ පිතිහරඹයක නිරතවූ කුසල් ජනිත් පෙරේරා පන්දු 20 කදී ලකුණු 50 ක් රැස් කළා.