Thursday, May 9, 2024

General line - 0115112241

ගාසා තීරයේ ගොඩනැගිලි ලක්ෂයක් විනාශ වේ




ඊශ්‍රායල් - හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරයට සිදුව ඇති භෞතිකමය හානිය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවලට අනුව ගාසා තීරයේ විනාශවී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව පමණක් ලක්ෂයකට ආසන්නයි.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් දත්තවලින් වඩාත් පැහැදිලිවී ඇත්තේ වැඩිම හානිය ගාසා තීරයේ උතුරුදිග ප්‍රදේශයට සිදුව ඇති බවයි. දකුණුදිග ප්‍රදේශයේ ගොඩනැගිලිවලින් ද සියයට 15 කට හානි සිදුව තිබෙනවා. 


ඔක්තොම්බර් 7 වනදා ඊශ්‍රායලට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ද ගාසා තීරයට ප්‍රතිප්‍රහාර එල්ල කළා.

ගොඩනැගිලි තිබූ ප්‍රදේශ මේ වන විට එකම සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති ආකාරය ද චන්ද්‍රිකා ඡායාරූපවල ඇතුලත්. විනාශවී ඇති  ගොඩනැගිලි අතරට දේවස්ථාන, මහල් ගොඩනැගිලි, හෝටල් සහ නිවාස ද ඇතුලත්. සරණාගත කඳවුරු, පැල්පත් සහ ආපන ශාලාවලට ද අර්ධ වශයෙන් හානි සිදුව ඇති ආකාරය ද නවතම ඡායාරූපයල ඇතුලත්ව තිබෙනවා.